Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ අනුස්මරණ කුසලාන වෙනුවෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටියේදී පැවති 42 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ශාන්ත අන්තෝනි පිල පරදවා ලකුණු 100 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් එම කුසලානය 20 වැනි වතාවටත් දිනාගැනීමට ත්‍රිත්ව විදුහලට හැකිවිය.
කාසියේ වාසිය දිනූ ශාන්ත අන්තෝනි නායක තිසර ඒකනායකගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විදුහල් පිල ඕවර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 228 ක් රැස් කර ගත්තේය. ත්‍රිත්ව විදුහල වෙනුවෙන් දිමන්ත මහවිතාන (55) සහ සුපුන් වඩුගේ (56) අර්ධ ශතක ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත අන්තෝනි පිතිකරුවන්ට ඕවර 41.3 තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි .
ත්‍රිත්ව විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ට 228
(දිමන්ත මහවිතාන 55, විදූක දම්ගේ 24, සුපුන් වඩුගේ 56, දිනූෂ පීරිස් 15, ජනිත් රවිෂ්ක 41, දිනූක තෙන්නකෝන් 11, තිසර ඒකනායක 29/5) කවීෂ පියුමල් 39/1, චානුක ඒකනායක 41/1)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 128
(ජානුක රත්නායක 29, ඉඳුවර ගලපිටගේ 40, කවිෂ පියුමාල් 22, බිමශ් විදුදය 11, දිනූක තෙන්නකෝන් 19/3, තරණ විමලධර්ම 19/3, මලිත් රත්නායක 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.