Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනමින් පසුව කළ වියදම් ගැන විගණනයක්

තහනමින් පසුව කළ වියදම් ගැන විගණනයක්

editorial - 2023 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබූ කාලසීමාවේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සිදුව තිබෙන වියදම් සම්බන්ධයෙන් විගණයක් සිදු කෙරෙන බව එහි සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

පසුගිය සිකුරාදා (29) පැවති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී ඉදිරි සිවු වසරක් සඳහා (2023-27) සභාපති ධුරයට තේරී පත්වූ ජස්වර් උමාර් මහතා හෙට (3) ටොරින්ටන් පෙදෙසේ පිහිටි පාපන්දු ආයතන මූලස්ථානයේදී සිය විධායක සභාව සමග වැඩ බාර ගැනීමට නියමිතය.
 
2023 ජනවාරි 14 වැනිදා පෙර පැවැති පාපන්දු ආයතනය නිලවරණයේදී  (2022-23) සභාපති ධුරයට තේරී පත්වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ. ශ්‍රී රංගා මහතාය. එහෙත් එදින පැවැති නිලවරණයේ පත්වීම් ප්‍රතික්ෂේප කරමින් පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය.

ශ්‍රී ලංකාවට පනවා තිබූ එම තහනම ඉවත් කිරීමට අන්තර් ජාතික සම්මේලනය පසුගිය අගෝස්තු 28 වැනිදා කටයුතු කළේය. මෙම ජාත්‍යන්තර තහනම පැනවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලු පාපන්දු ක්‍රියාකාරකම් එතැන් සිට අත්හිටුවීමට සිදුවිය.

කෙසේ වුවත් ජේ.ශ්‍රී රංගා මහතා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ සමයේ එහි නඩු කටයුතු සඳහා රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. පාපන්දු ආයතනයේ 2022-23 මතභේදාත්මක නිලවරණයට එරෙහිව ජස්වර් උමාර් මහතා ප්‍රධාන පාපන්දු ලීග ඇතුළත් පාර්ශ්ව කීපයක් ක්‍රීඩා ඇමැතිවරයා වගඋත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ  නඩු දෙකක් පැවරුණි.

පසුගිය අගෝස්තු 10 වැනිදා වගඋත්තරකාර පාර්ශ්ව හා මැදිහත්වීමක් ඇතිකර ගනිමින් එම නඩු දෙකම සමතයකට පත් කර ගැනුණි.

මේ අතර නව සභාපති ජස්වර් උමාර් මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ ලෝක කුසලාන (2026) පූර්ව සුදුසුකම් තරග වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම හැරෙන්නට දේශීය තරග මාලා හැකි ඉක්මනින් ආරම්භ කිරීමට නව  විධායක සභාව පියවර ගන්නා බවයි.

පසුගිය වසරකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ ඇතිවූ අර්බුද හමුවේ එහි ගෙවීම් අත්හිටුවීමට සිදුවීමෙන් පාපන්දු සේවා හා සැපයුම් වෙනුවෙන් මේ වනවිට කොන්ත්‍රාත්කරුවන් වෙත රුපියල් කෝටි 15කට වැඩි ගෙවීම් හිඟ තිබෙන බවද වාර්තාවේ.

එම ගෙවීම් පියවීමටත් ඉක්මණින් කටයුතු කරන බව ද ජස්වර් උමාර් මහතා පැවසීය. මේ අතර නව සභාපතිවරයා ආසියානු පාපන්දු සමුළුවේ විශේෂ රැස්වීම් වාරයකට සහභාගිවීම සඳහා දින කීපයකට  උස්බෙකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

ජනවාරි 21 වැනිදා පැනවූ ජාත්‍යන්තර තහනමක් සමග ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පානන්දු සමුළුව  ලබාදෙන වාර්ෂික ගෙවීම් තාවකාලිකව අත්හිටුවනු ලැබීය. එසේ ශ්‍රී ලංකාවට එම දෙපාර්ශවයෙන් වසර 2022 හා 2023 කාලසීමාව සඳහා ලැබිය යුතු ප්‍රතිපාදන ඩොලර් මිලියන දෙකකට වැඩිය. එම ගෙවීම් නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවත් නව සභාපති ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

සිකුරාදා (29) පැවති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී සමගි සන්ධානයක් ලෙස එක්ව තරග වැදී ජයගත් ජස්වර් උමාර් (සභාපති), රංජිත් රුද්‍රිගු (උප සභාපති) හා වෛද්‍ය මහිල් ප්‍රනාන්දු (උප සභාපති) යන මහත්වරුන් 


අදහස් (0)

තහනමින් පසුව කළ වියදම් ගැන විගණනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.