Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තවීෂගෙන් සරසවි වාර්තා තුනක්

තවීෂගෙන් සරසවි වාර්තා තුනක්

Nisanka Sandeepani - 2017 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය විශ්ව විද්‍යාලයේ තවීෂ එදුස්සූරිය අන්තර් විශ්ව විද්‍යාල පිහිනුම්  තරගාවලියේදී නව ලංකා විශ්ව විද්‍යාල පිහිනුම් වාර්තා 3ක් බිහි කිරීමට සමත් විය. මීටර් 100 ළය ආර (මි.1.14.81) මීටර් 200 ළය ආර (මි.2.51.03)  සහ මීටර් 200 කේවල මිශ්‍ර (මි.2.26.34)  යන ඉසව් වලින් එම වාර්තා බිහි කිරීමට ඔහු සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල 14ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම පිහිනුම් තරගාවලිය  ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්විණි.

තවීෂට අමතරව මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ ඩබ්.කේ.එස්. වන්නිආරච්චි ද විශ්ව විද්‍යාල නව තරග වාර්තා දෙකක් පිහිටුවීම සමත් විය. එම නව වාර්තා බිහි කරන ලද්දේ මීටර් 100 නිදහස් ආර (ත.58.28) සහ මීටර් 50 පසුපස ආර (ත.30.22) යන ඉසව් දෙකෙනි.

කොළඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තරගාවලියේ පිරිමි හා කාන්තා පිහිනුම් ශූරතා දිනා ගැනීමට සමත් වූහ. පිරිමි අංශයේ අනුශූරතාව කැලණිය විශ්ව විද්‍යාලයට හිමි වූ අතර එහි 3 වැනි ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයට හිමිවිය.

කාන්තා තරගයේ අනු ශූරතාව තොළඹ විශ්ව විද්‍යාලය විසින්ද එහි 3 වැනි ස්ථානය කැලණිය විශ්ව විද්‍යාලය විසින් ද දිනා ගන්නා  ලදී. මෙම තරගාවලිය ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කෙරිණි.

 


අදහස් (0)

තවීෂගෙන් සරසවි වාර්තා තුනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.