Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තවත් රටවල් තුනකට අයි.සී.සී. සාමාජිකත්වය

තවත් රටවල් තුනකට අයි.සී.සී. සාමාජිකත්වය

editorial - 2021 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොන්ගෝලියාව, තජිකිස්තානය සහ ස්විට්සර්ලන්තය නවතම සාමාජික රටවල් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඔවුන්ගේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී පිළිගත්තේය.

2019 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය අත්හිටවූ සැම්බියාව, දිගින් දිගටම අයි.සී.සී සාමාජිකත්ව නිර්ණායකයන්ට අනුකූල නොවීම හේතුවෙන් ඔවුන්ගේ සාමාජිකත්වය අවලංගු කර ඇති අතර එම හේතුව නිසාවෙන්ම රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවා ඇත. ඊළඟ වාර්ෂික මහා සභා රැස්වීම තෙක් කාලය දක්වා අනුකූලතාවය පෙන්වීමට රුසියාවට අවස්ථාව ඇති නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමේ අවදානමක ඔවුන් පසුවන්නේය.

මෙම රැස්වීම සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති අතර ආසියානු කලාපයේ 22 වන සහ 23 වන සාමාජිකයන් ලෙස මොන්ගෝලියාව සහ ටජිකිස්තානය පිළිගත් අතර යුරෝපයේ 35 වන සාමාජිකයා ලෙස ස්විට්සර්ලන්තය පිළිගත්තේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 106 ක් වන අතර ඉන් 12 ක් පූර්ණ සාමාජිකත්වය හිමි අතර අනුබද්ධ සාමාජිකයන් 94 ක් ද ඊට ඇතුළත්වේ.

මොන්ගෝලියානු ක්‍රිකට් සංගමය 2007 දී පිහිටුවන ලද අතර තජිකිස්තාන ක්‍රිකට් සංගමය 2011 දී ආරම්භ කර ඇත. ස්විට්සර්ලන්තය 1817 දී ප්‍රථම වරට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්තද සංගමයක් ලෙස ආරම්භකරනු ලැබූයේ 2014 වසරේදීය.

- 2079

 


අදහස් (0)

තවත් රටවල් තුනකට අයි.සී.සී. සාමාජිකත්වය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.