Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 59 ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.


දක්ෂ පන්දුයැවීමක නිරත වූ තර්ස්ටන් විදුහලේ නවීන් ගුණවර්ධන ලකුණු 69 කට කඩුලු 10 ක් දවාගැනීමට සමත් වූ අතර නිමේෂ් ලක්ෂාන් (85), සවන් ප්‍රභාෂ් (76) සහ චරණ නානායක්කාර (නොදැවී 51) තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.


ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 100
(සංගීත් දේෂාන් 28, ඉරෝෂ් ද සිල්වා 26, ඉමේෂ් දුල්ෂාන් 7/4, නවීන් ගුණවර්ධන 26/4)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 63.5 කදී කඩුලු 6 ක් දැවී 262
(නිමේෂ් ලක්ෂාන් 85, සවන් ප්‍රභාෂ් 76, චරණ නානායක්කාර නොදැවී 51, මිතිල ගීත් 47/3, අෂේන් ප්‍රනාන්දු 77/2)

ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 103
(ශෂේන් දිනෙත් 49, අවිෂ්ක ඉන්ද්‍රජිත් 25, නවීන් ගුණවර්ධන 43/6, සවන් ප්‍රභාෂ් 12/2, ප්‍රිමේෂ් දිලුෂාන් 16/2)

- 036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.