Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් ‘බී’ පිලට ලකුණු 24 ක ජයක්
17න් පහළ ක්‍රිකට්

තර්ස්ටන් ‘බී’ පිලට ලකුණු 24 ක ජයක්

editorial - 2025 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ  II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන් විද්‍යාල ‘බී’ පිල පසුගියදා සමත්විය.
                             
කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොළඹ තර්ස්ටන් විද්‍යාල ‘බී’ පිල  ඕවර 50 තුලදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 144ක් රැස් කළේය. පිළිතුරු ඉනිම වෙනුවෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට ඕවර 42.5කදී සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 120ක් පමණි.


කොළඹ තර්ස්ටන්  විද්‍යාල ‘බී’ පිල - ඕවර 50 කදී කඩුලු 8 ට 144 යි
(ඉමේෂ් පෙරේරා 31, ශෂේන් මාපා 20, දුනිල් පමුදිත නොදැවී 19, එම්. අසීම් 20/​​4, බී. ඕ. දිනුසර 39/2)

රාජගිරිය ජනාධිපති විද්‍යාලය - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 120 යි 
(සෙනුග පෙරේරා 33, සෙනොල් නෙත්මිණ 18/3, සෙනුක් පීරිස් 19/2)


අදහස් (0)

තර්ස්ටන් ‘බී’ පිලට ලකුණු 24 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.