වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 231 කින් බලපිටිය රේවත විදුහල පරාජය කිරීමට සමත් වූහ.
මෙම තරගයේදී ශ්‍රී සුමංගල විදුහල් පිලේ උප නායක තරණ ද සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 168 කින් ලකුණු 252 ක් රැස්කිරීමට සමත් විය. තරණගේ ඉනිමට හතරේ පහර 28 ක් සහ හයේ පහර 11 ක් ඇතුළත්විය.
ශ්‍රී සුමංගල විදුහලේ විශ්ව කුමාර දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඉනිමේදී ලකුණු 16 කට කඩුලු 5 ක් සමගින් ලකුණු 66 කට කඩුලු 10 ක් දවාගැනීමට සමත් විය.
පානදුර ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම කඩුලු 9 ට 445
(තරණ ද සිල්වා 252, ඉමෙත් ගම්පොළ 118, මිහිරංග ප්‍රනාන්දු 22, අචින්ත රමේෂ් 82/4, කවීෂ් හිමාෂ 74/2)
බලපිටිය රේවත විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 72
(චාමර ධනසංඛ 20, විශ්ව කුමාර 16/5, චාරුක පීරිස් 0/2, චාරුක ජයතිලක 7/2)
බලපිටිය රේවත විදුහල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 142
(චාමර ධනසංඛ 60, සෂික ලක්‍ෂාන් 20, විශ්ව කුමාර 60/5, අනුක ජයසිංහ 46/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.