Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගය අතරමග විනිසුරු ඉවත් කරයි

තරගය අතරමග විනිසුරු ඉවත් කරයි

editorial - 2026 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය  සංවිධානය කරන වයස 19 න් පහළ දෙවැනි පෙළ - ඒ තළයේ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විදුහල හා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර හොරණදී පැවැති අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙමින් තිබියදී එහි විනිසුරුවකු අතරමග ඉවත් කිරීමට සිදු වූ තීරණයෙන් කණ්ඩායම් දෙකම   අපහසුතාවට පත්වූ බව වාර්තාවේ.

මෙසේ පාසල් ක්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබියදී අතරමග විනිසුරුවරයකු ඉවත් කිරීමක් පිළිබදව මෑත කාලීනව වාර්තා වී නැති බවද පාසල් ක්‍රිකට් සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

කිංග්ස්වුඩ් විදුහල් කණ්ඩායම කළ අභියාචනාවකට (පැමිණිල්ලකට) අනුව පළමු දිනයේ තරගය විනිශ්චය කරමින් සිටි ෆෙරින් සිල්වා මහතා ඉවත් කරමින් ඒ තැනට වෙනත් විනිසුරුවකු කැඳවා තිබේ. ෆෙරින් සිල්වා මහතා මෙම තරගාවලියේ ප්‍රතිවාදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව තරගද ඇතුළුව) ඔවුන් සහභාගි වූ තරග තුනක් පිට පිටම විනිශ්චය කිරීම සැලකිල්ලට ගනිමින් කිංග්ස්වුඩ් විදුහල අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම සිදුවීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තරගාවලියේ සම්බන්ධ්කරණ  පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ විනිසුරු පැවරුම්හි දෝෂ සහගත තත්වයන් ඊට බලපෑමක් කෙරී ඇතැයි   ද වාර්තා වේ.

එසේ වී ඇත්තේ මෙම පාර්ශව දෙකටම සම්බන්ධ ප්‍රධාන පෙළේ තරග පැවැරුම් නිලධාරියෙකුත් සිටියදී බවට චෝදනා එල්ල වේ.ඔහු පාසල් ක්‍රිකට් සංගමයේ උප ලේකම් ධූරය දරන අතර ක්‍රිකට් විනිසුරු සංගමයේ තරග පැවැරුම් කමිටුවේ සභාපති ධූරයද උසුලයි.

මෙවැනි තත්වයක් යටතේ මෙම සිදුවීමෙන් අදාළ තරගයට සහභාගි වූ පාසල් දෙකම අපහසු තත්වයට පත්වූ බව පැවැසේ.කිංග්ස්වුඩ් විදුහලේ අභියාචනාව පිළිගැනීමට සිදුවීම නිසා එකී මතභේදාත්මක විනිසුරු  සිදුවීම වාර්තාවූ අවසන් පූර්ව තරගයෙන් ඉහත විනිසුරුවරයා ඉවත් කිරීමට  පාසල් ක්‍රිකට් සංගමයට සිදුවූ බවත් වැඩිදුරටත් වාර්තාවේ.

ඉහත සිදුවීම වාර්තාවූ අවසන් පූර්ව   තරගයෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඉනිමකින් හා ලකුණු 154 ක ජයක් වාර්තා කර තිබේ.


අදහස් (0)

තරගය අතරමග විනිසුරු ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.