වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී මාස් ඇක්ටිව් පිල පරදවා කඩුලූ 6 කින් ජයගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිල ඊයේ (09 වැනිදා) සමත්විය. මෙම තරගය පී. සරවනමුත්තු (ඕවල්) ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට මාස් ඇක්ටිව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 49.4 දී ලකුණු 215 කට සියලූ දෙනා දැවී ගිය අතර සමීර සොයිසා අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.
ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගිය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඕවර 42.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. පන්දු 120 කදී හතරේ පහර 19 ක් සමගින් ලකුණු 127 ක් ලබා ගැනීමට උපුල් තරංග සමත්වුහ.
මාස් ඇක්ටිව් ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 215
(සමීර සොයිසා 64, ඩිල්ශාන් මුණවීර 40, තිලකරත්න සම්පත් 38, ළහිරු මදුශංක 36/3, විශ්ව ප‍්‍රනාන්දු 38/3, සුරාජ් රංදිව් 25/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් ඕවර 42.2 කදී කඩුලූ 4 ක් දැවී 217
(උපුල් තරංග 127, දිල්හාන් කුරේ 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.