Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරිඳු - අනුෂ්කා - කවිනි - කෝදාගොඩ ශූරතා දිනති

තරිඳු - අනුෂ්කා - කවිනි - කෝදාගොඩ ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බන්ගොඩ ජී. එස්. එම්. මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ ආධුනික සහ අතරමැදි කේවල මේසපන්දු තරගාවලියේ ආධුනික අංශයේ ශූරතා දිනාගැනීමට තරිඳු කේෂාන් සහ අනුෂ්කා ද සිල්වා සමත්වූ අතර තරගාවලියේ අතරමැදි අංශයේ ශූරතා දිනාගැනීමට කේ. ඩබ්. කෝදාගොඩ සහ කවිනි විහාරා සමත්වූහ.

ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති තරගාවලියේ පිරිමි ආධුනික අවසන් තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ චතුර ප‍්‍රමෝද්‍ය පරාජය කරමින් තරිඳු කේෂාන් ශූරතාව දිනාගත්තේය.

කාන්තා ආධුනික ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහලේ අනුෂ්කා ද සිල්වා සමත්වූ වූයේ අවසන් තරගයේදී ගල්කිස්ස උසස් බාලිකා විදුහලයේ තමදී මෙන්ඩිස් පරාජය කරමිනි.

පිරිමි අතරමැදි අවසන් මහ තරගයේදී ලයිසියම් විදුහලේ ශානක දිල්ෂාන් පරාජයට පත් කළ කැලණිය විශ්ව විද්‍යාලයේ කේ. ඩබ්. කෝදාගොඩ ශූරතාව දිනාගැනීමට සමත්විය.

කාන්තා ආධුනික ශූරතාව දිනාගත් කොළඹ කාන්තා විදුහලේ අනුෂ්කා ද සිල්වා අතරමැදි අවසන් තරගයේදී පරාජයට පත් කළ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ කිවිනි විහාරා,   ශූරතාව දිනාගත්තාය.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදොරු තිලාන් අයි. ද සිල්වා මහතා සහභාගී විය.


තරග ප‍්‍රතිඵල (බාලක)

වයස 8 න් පහළ
හසිඳු මල්ෂාන් (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස විහඟ ගිම්හාන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (8/11, 11/3, 11/3)
 
වයස 10 න් පහළ
නෙනුක චනිරු (ෆර්ජසන් උසස් පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස මහිත් ජයසුමන (ලයිසියම් විදුහල) පරාජය කරන ලදි. (10/12, 11/6, 11/8)
 
වයස 12 න් පහළ
තරුෂ හේෂාන් (කෑගලූ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අදිත් ආරිරත්න (කෑගලූ විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/7)

වයස 15 න් පහළ
ඕජිත විනාත් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස චමිඳු බණ්ඩාර (මහනුවර ති‍්‍රත්ව විදුහල) පරාජය කරන ලදි. (8/11, 11/7, 14/12)

වයස 18 න් පහළ
ශකිල කරුණාරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අනූප අතාවුද (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/6)
 
ආධුනික පිරිමි
තරිඳු කේෂාන් විසින් තරග වට 2-0 ක් ලෙස චතුර ප‍්‍රමෝද්‍ය (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/9)

අතරමැදි පිරිමි
කේ. ඩබ්. කෝදාගොඩ (කැලණිය විශ්ව විද්‍යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස ශානක දිල්ෂාන් (ලයිසියම් විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/4)


තරග ප‍්‍රතිඵල (බාලිකා)

වයස 8 න් පහළ
සිත්මි සේයා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මල්ෂී රවින්ද්‍යා (කරන්දෙණිය කණිෂ්ට විදුහල) පරාජය කරන ලදි. (11/3, 11/6)

වයස 10 න් පහළ
ප‍්‍රසන්සා දේවින්දි (ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස දිව්‍යා ධාරණී (පී. ද. එස්. කුලරත්න විදුහල) පරාජය කරන ලදි. (12/10, 8/11, 11/8)
 
වයස 12 න් පහළ
නෙත්මි හෙට්ටිආරච්චි (සිරිකුරුස විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මලීෂා සත්තරණි (ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/6)

වයස 15 න් පහළ
තමදී මෙන්ඩිස් (ගල්කිස්ස උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නදුනි දිනෙත්යා (කොළඹ යසෝදරා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/5)

වයස 18 න් පහළ
තමදී මෙන්ඩිස් (ගල්කිස්ස උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස දිනාලි බිමල්කා (මහනුවර විශාකා විදුහල) පරාජය කරන ලදි. (14/16, 11/7, 11/5)
 
ආධුනික කාන්තා
අනුෂ්කා ද සිල්වා (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස තමදී මෙන්ඩිස් (ගල්කිස්ස උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (8/11, 11/7, 11/9)
 
අතරමැදි කාන්තා
කිවිනි විහාරා (ගල්කිස්ස උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අනුෂ්කා ද සිල්වා (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/6)


අදහස් (0)

තරිඳු - අනුෂ්කා - කවිනි - කෝදාගොඩ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.