ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය ඇතුළත්ව සිටීමට විරෝධය දක්වමින් එම ක්‍රීඩා සමාජයේම ආරම්භක සාමාජිකයකු මෙන්ම වර්තමාන අනුශාසකවරයකු වන ටී. කේ. පාලිත මහතා විරෝධතාවක් ඉදිරිපත් කර තිබේ.
ටී. කේ. පාලිත මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිවරණ කමිටුවට අද (21) පස්වරුවේ මෙම විරෝධතාව ලිඛිතව ඉදිරිපත් කර ඇත.
ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය 1981 වසරේ තමන් විසින් ආරම්භ කරන ලද බවත් එය 1994 වසරේ සිටම ක්‍රිකට් සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා නොකළ පිරිසක් විසින් පාලනය කරනු ලබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති සංග්‍රහයට අනුව ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි නොවූ අයට ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය පාවිච්චි කළ නොහැකි බවත් ඒ මහතාගේ විරෝධතාවයේ සඳහන් වේ.
තවද ක්‍රීඩා සමාජයේ සෙසු නිලධාරීන් විසින් අනුමත නොකරනු ලබන පුද්ගලයන් සඳහා එම පුද්ගලයන්ගේ අභිමතය පරිදි ඡන්දය පාවිච්චි කළ බවත් උදාරණයක් ලෙස 1996 වසරේ ආනා පුංචිහේවා මහතාට ඡන්දය දීමට ක්‍රීඩා සමාජයේ එකඟතාව තිබියදී එය කඩකරමින් වෙනත් පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශ කළ බව ද එම විරෝධතාවයේ වැඩි දුරටත් මතක් කර තිබේ.
එම නිලධාරීන්ගේ ක්‍රියා කළාපය නිසා ක්‍රීඩා සමාජය දෙවැනි කොටස දක්වා පහත වැටී ඇති බවට ද සඳහන් කර තිබේ.
ටී. කේ. පාලිත මහතා පන්නිපිටිය ධර්මපාල විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ද, ඉන් අනතුරුව වසර 20 ක පමණ කාලයක් ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසද, කටයුතු කර ඇති බව විරෝධතාවයේ සඳහන්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.