Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගය පිට පිටම සිවුවැනි වසරටත් ජය ලැබීමට ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඊයේ (24) සමත් වූහ. මහනුවර පල්ලේකැළේ රග්බි පිටියේදී ඊයේ පැවැති දෙවැනි අදියර තරගයේදී ලකුණු 19-18 ක තියුණු ජයක් ලැබූ ත‍්‍රිත්ව විදුහල් පිල සමස්ත තරගය ලකුණු 47-34 ක් ලෙස අවසන් කළේය.
ත‍්‍රිත්ව විදුහල මේ වන විට 2011 වසරේ සිට අඛණ්ඩව වසර හතරක් ශූරතාව දිනා ඇති අතර ත‍්‍රිත්ව විදුහල 1952 වසරේ සිට 1957 වසර දක්වා අඛණ්ඩව වසර 6 ක් ජය ලබා අඛණ්ඩව ජය ලැබීමේ වාර්තාවටද හිමිකම් කියයි.
දෙවැනි අදියර තරගයේදී රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ පළමු අදියරට සාපේක්‍ෂව ත‍්‍රිත්ව විදුහලට හොඳ අභියෝගයක් දුන්හ.
ජයග‍්‍රාහි ත‍්‍රිත්ව පිල ගෝලයකින්, දඩුවම් පහර 4 කින් ලකුණු ලැබූ අතර රාජකීය විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබිණ. මෙහිදී ත‍්‍රිත්ව විදුහල් පිලේ නායක තරින්ද රත්වත්ත කැපී පෙනෙන ක‍්‍රීඩකයා බවට පත්විය.
ත‍්‍රිත්ව විදුහල් පිල කොළඹදී පැවැති පළමු අදියර ලකුණු 28-16 ක් ලෙස ජය ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.