‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) නමවැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1377 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 6246 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 2797 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 609 ක් පමණි. ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 2681 සිට 3449 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙතෙක් ඡන්ද සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් එහි සිවුවැනි ස්ථානයට ඇද දමමින් තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා සමත්ව සිටියි. මේ වන විට අසෙල් ඡන්ද 1287 ක් ලබා සිටින අතර කවීන් ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 1229 කි.
මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ කළණ පෙරේරා පිළිවෙලන් ඡන්ද 685 ක් සහ 407 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකර ගෙන සිටිති.
කෝටේටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ සොනාර කරුණාතුංග ඡන්ද 1491 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 1309 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම ඡන්ද 1485 ක් ලබා සිටින අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 778 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ලෝරයා බීනි අමන්‍යා, එච්.ඩී.ඊ. ගුඞ් ෂෙඞ් පාර, රත්නපුර
2 තිලංක අංජන, 117/1, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ
3 ජැකලින් අමත්, 40/41, කටුවාවෙල පාර, මහරගම
4 ජී.එල්. විජේසිංහ, 57බී, ගොහගොඩ පාර, කටුගස්තොට
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.