Last Update  :  2026-03-21 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්. - වික්‍රමශිලා දෙවැනි තරගය කටාන මඩම්පැල්ල ක්‍රීඩාංගණයේදී
විකුම්සෙන් හරිත හටන

ඩී.එස්. - වික්‍රමශිලා දෙවැනි තරගය කටාන මඩම්පැල්ල ක්‍රීඩාංගණයේදී

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සහ මීරිගම ඩී එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර දෙවන වරටත් පවත්වනු ලබන විකුම්සෙන් හරිත සටන ක්‍රිකට් තරගාවලියේ දෙදින තරගය මේ මස 21 සහ 22 දෙදින, කටාන මඩම්පැල්ල ඩී එච් එච් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. 

මෙම තරගාවලිය සඳහා පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද අනුග්‍රහය දැක්වීමට  දම්රෝ සහ සිල්වමිල්ස් යන ආයතන ඉදිරිපත් වී තිබේ. මෙම තරගාවලියේදී ක්‍රීඩකයන් ඇඳීමට නියමිත ඇඳුම එළිදැක්වන ලදි. ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දෙන දම්රෝ ආයතනයේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණරත්න මහතා සහ සහ සිල්ව මීල්ස් ආයතනයේ මානව සම්පත් විධායක නිලධාරී ඩිශාන් අසන් යන මහත්වරුන් විසින් විදුහල්පතිවරුන්ට අනුග්‍රාහක චෙක් පත් පිරිනමන ලදහ.

මාර්තු 28 වැනිදා  විද්‍යාල දෙකේ කණිෂ්ඨ අංශයේ තරගය වික්‍රමශිලා ජාතික පාසලේදී පැවැත්වෙන අතර  මාර්තු 29 වැනිදා පාසල් දෙකේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් දෙක අතර තරඟය කටාන මඩම්පැල්ල ඩී. එච්. එච්. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි

පාසල් කණ්ඩායම් දෙක අතර එක්දින තරඟය අප්‍රේල් 05 වැනිදා වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පවත්වනු ලබන අතර ජය සංකේත එහිදී ප්‍රදානය කෙරේ.

 

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල් කණ්ඩායම

පලමු පෙල වමේ සිට

රුක්මාල් මාලිංග ආරච්චි (පුහුණුකරු), ෂෙහාන් වීරකෝන් (නායක), රවින්ද්‍ර අමරසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), දමයන්ති හතරසිංහ (විදුහල්පති), සම්පත් ජයසිංහ (නියෝජ්‍ය විදුහල්පති), නෙත්සර ජයරත්න (උප නායක),  සිතිජ නිමේෂ් (සහය පුහුණුකරු)

දෙවන පෙල වමේ සිට

විරාජ් මධුරංග, මිතුම් ගිංතොට,සසිඳු උදයංග, භාණුක විජේරත්න, මනෙත් ඉලංකෝන්, සිතුම් බණ්ඩාර, ගවේශ් සෙනවිරත්න, සොදුරු විතානපතිරණ, හිරුන් මන්සන, ශවේන් ගිංතොට, දිණුක සමරජීව, සචින් කුලතිලක, නිතිල් ජයකොඩි, සුපේෂල චන්ද්‍රසිරි

 

මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම

පලමු පෙල වමේ සිට

ඒ පී ටීශාන් සස්මික (නායක), ඩී කේ නල්ලපෙරුමගේ (සහය පුහුණුකරු), අශාන් මුනසිංහ (ප්‍රධාන පුහුණුකරු), කේ ආර් යූ එම් කරුණාතිලක (විදුහල්පති), ජී ආර් එස් සී මිහිරානි (ක්‍රිකට් භාර ආචාර්ය), හිරූන් කින්ස්ලි (සහය පුහුණුකරු), එල් අනුද අසිත් (උප නායක)

දෙවන පෙල වමේ සිට

ආර් තිසර සත්සර මදුමාල්, ඒ පී චෙනුල ඔනෙල්ෂ, ආර් පී නිලොක් දින්සර සංජීව, ආර් එච් ආර් සිනුර සස්විදු රණසිංහ, එම් පී නොනිම් යසස්,ටී ටී රොනාල් තාමරසිංහ, පී ඔසුක ශශේන්, ආර් එම් උදාර බණ්ඩාර, එච් ආර් ඉදුර නවෝද්‍ය, ඩබ්ලිව් ඒ හෙසදු නෙතුවර,ආර් ඒ චෙනුක තරින්ද, ජේ පී ලසත් දුල්මින්


අදහස් (0)

ඩී.එස්. - වික්‍රමශිලා දෙවැනි තරගය කටාන මඩම්පැල්ල ක්‍රීඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.