Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී. එස්. සේනානායක මුල් ඉනිම ජයගනී
අන්තර් පාසල් ක්‍රිකට්

ඩී. එස්. සේනානායක මුල් ඉනිම ජයගනී

editorial - 2023 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තයේදී පැවැති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරදවා මුල් ඉනිමේ ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සමත් විය. තරගයෙන් පූර්ණ ජයක් ලබාගැනීම සඳහා සාන්ත තෝමස් විදුහල විසින් ඕවර 48 කදී ලකුණු 255 ක් ලබාගත යුතුවූ නමුත් වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ලකුණු 44 ක් ලබා සිටියහ. 

ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් මලිත පෙරේරා ශතකයක් ලබාගත් අතර ඔහුගේ පන්ද 82 ඉනිම හතරේ පහර 16 කින් සහ හයේ පහරකින් සමන්විත විය. සාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 120 ට දවාගැනීමේදී චේනුක පීරිස් ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගත්තේය. 


ඩී.එස්. සේනානායක විදුහල - පළමු ඉනිම 219 යි
(මලිත පෙරේරා 100, චෙනුල් පින්සර 45, ගවිරු සෙන්හස් 23, අභීත් පරණවිතාන 62/5, අන්ශේන් ද සිල්වා 41/3)
 
සාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම 120 යි
(මහිත් පෙරේරා 42, මිතිල චාල්ස් 31, කවිඳු ඩයස් 23 යි, චේනුක පීරිස් 32/5, රන්දීෂ බණ්ඩාරනායක 14/2)

ඩී.එස්.සේනානායක විදුහල - දෙවැනි ඉනිම කඩුලු 9 ට 155 යි
(ගවිරු සෙන්හස් 55, මලිත පෙරේරා 26, අභීත් පරණවිදාන 55/4, නේතන් කල්දේරා 31/2)

සන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 44 යි
(තිශෙන් ඇහැලියගොඩ නොදැවී 22, සේනාධි බුලන්කුලම නොදැවී 19)

- 213


අදහස් (0)

ඩී. එස්. සේනානායක මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.