Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්රුවන් සමුගනී

ඩිල්රුවන් සමුගනී

editorial - 2022 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පිට දඟපන්දු යවන ක්‍රීඩා ඩිල්රුවන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව නිවේදනය කර ඇත. 2007 වසරේදී එක්දින වරම් හිමිකරගනිමින් ජාත්‍යන්තර පිටියට පිවිසි ඩිල්රුවන් වසර 14 ක කාළයක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

වසරකට පෙර එංගලන්තයට එරෙහිව අවසන් වරට ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයකට එක්වූ ඩිල්රුවන් පෙරේරාට නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයන් හිමි නොවීය.

බංග්ලාදේශයට එරෙහිව 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළ ඩිල්රුවන්, 2011 වසරේ නොවැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කළේය.

ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද දිගටම දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බව ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යැවූ සිය විශ්‍රාම ගැන්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

ටෙස්ට් තරග 43 කදී ලකුණු 1303 ක් සහ කඩුලු 161 ක් ද, එක්දින ජාත්‍යන්තර තරග 13 කදී ලකුණු 152 ක් සහ කඩුලු 13 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3 කදී කඩුලු 3 ක් ද දවාගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත්වී ඇත.


- 2079

 


අදහස් (0)

ඩිල්රුවන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.