Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩර්බි කුසලාන ජයවර්ධනපුර සරසවියට

ඩර්බි කුසලාන ජයවර්ධනපුර සරසවියට

editorial - 2022 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන පාපන්දු මහ තරගය මේ වසරේදී ජයගැනීමට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් විය. කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය. 

තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ක‍්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර සමරවික‍්‍රම මහතා ඇතුළු විශේෂ ආරාධිතයන් විසින් ජයග‍්‍රාහී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ නායකයාට කුසලානය පිරිමන ලදි. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු රංජිත් ඉද්දමල්ගොඩ මහතා, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කී‍්‍රඩා අධ්‍යක්‍ෂිකා නිශාන්ති විදානගමගේ මහත්මිය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩා අධ්‍යක්‍ෂක චිත්තධම්ම රත්නමුදලි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ. 


අදහස් (0)

ඩර්බි කුසලාන ජයවර්ධනපුර සරසවියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.