ආධුනික බොක්සිං සංගමය විසින් 7 වැනි වරටත් පවත්වනු ලබන ‘ඩයන් ගෝමස්’ අභියෝග කුසලාන බොක්සිං තරගාවලිය අද (2 වැනිදා) සිට 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ.
2000 වසරේ සහ 1999 වසරේ උපත ලද, මේ වන විට වයස අවුරුදු 13 ත්, 14 ත් අතර පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගිවිය හැක.
සියලූම බර පංති ජයග්‍රාහකයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන්නන්ට සහතිකපත් සමග පදක්කම් පිරිනැමෙන අතර දක්ෂතම කී‍්‍රඩකයාට, දක්ෂතම කී‍්‍රඩිකාවට, දක්ෂතම පරාජිතයාට සහ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාවට විශේෂ ත්‍යාග හිමිවේ.
දක්ෂතම බාලක බොක්සිං කණ්ඩායමට සහ දක්ෂතම බාලිකා බොක්සිං කණ්ඩායමට ‘ඩයන් ගෝමස්’ අභියෝග කුසලාන දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.
තරගාවලියට සහභාගීවන තරගකරුවන්ගේ බර මැනීමේ කටයුතු අද උදෑසන 8.00 සිට 10.00 දක්වාද, ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු 3 සහ 4 යන දිනවල උදෑසන 8.00 සිට 9.00 දක්වාද කොළඹ සුගතදාස හෝටලයේදී පැවැත්වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.