වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා කණ්ඩායම සමත් විය. අවසන් තම තරගයේදී ලකුණු 43-24 ක් ලෙස අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
පළමු අර්ධය අවසානයේ ලකුණු 15-15 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවුවද, දෙවැනි අර්ධයේදී ඉතා අක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වූ ඩබ්ලිව්.එස්.ඕ.2 ක්‍රීඩිකාවෝ තවත් ලකුණු 28 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. අයි.එෆ්.එස්. ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි.
මෙම තරගය කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 19 ක් රැස්කළ ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා කණ්ඩායමේ අස්මා කාදර් එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
|
|
|
අයි.එෆ්.එස්. කණ්ඩායම |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.