Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩඞ්ලී සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඩඞ්ලී සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට තෝලංගමුව ඩඞ්ලී සේනානායක විද්‍යාල පිල ඊයේ (19 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරවෙළ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


තෝලංගමුව ඩඞ්ලී සේනානායක විද්‍යාලය වෙනුවෙන් තුලාචී ගල්දෙණිය ශතකයක් (110) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාල පිල වෙනුවෙන් ඉනිම දෙකෙහිදී උදිත බණ්ඩාර ලකුණු 108 කට කඩුලු 9 ක් සහ හේෂාන් රත්නායක ලකුණු 126 ට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ඩඞ්ලී සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(තුලාචී ගල්දෙණිය 110, ලජිත් ජයවීර 87, උදිත බණ්ඩාර 45/5, හේෂාන් රත්නායක 54/5)


බණ්ඩාරවෙළ ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(චතුරංග ජයසිරි 28/4, රවිඳු සසංක 34/3)


ඩඞ්ලී සේනානායක විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 57 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(සඳකැන් ජයවීර 89, උදිත බණ්ඩාර 63/4, හේෂාන් රත්නායක 72/4)


බණ්ඩාරවෙළ ම.ම. විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 14 කදී කඩුල්ලක් දැවී ලකුණු 77
(හේෂාන් රත්නායක 46, ලක්ෂාන් චාලින්ද නොදැවී 29)


අදහස් (0)

ඩඞ්ලී සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.