Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩකා මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ඩකා මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්

editorial - 2021 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ඩකා නුවරදී ලබන ජනවාරි 10 වැනිදා පැවැත්වෙන  බන්ගාබන්දු ෂෙයික් මුජිබර් රහමන් ආරාධිත ජාත්‍යන්තර මැරතන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් දෙදෙනකු බැගින් නිර්දේශ කර තිබේ.

කතරගමදී පසුගිය මැයි මාසයේදී පැවැති  46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරග මාලාවේ කාන්තා හා පිරිමි ඉසව්හි රන් පදක්කම හා රිදී පදක්කම හිමි කරගත් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිව් දෙනා  මෙම ඩැකා මැරතන් තරගය සඳහා සහභාගි කරවීමට මලල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඩකා (පිරිමි) මැරතන් තරගය  සඳහා නිර්දේශ වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක 31 හැවිරිදි මුත්තුසාමි සිවරාජන් කතරගමදී මැරතන් තරගය ජයගත්තේ පැය 2 විනාඩි 29 තත්පර 29කටය. එහි විශේෂත්වය වන්නේ එතෙක් දිගුදුර ඉසව් සඳහා පමණක් සහභාගි වී සිටි සිවරාජන් මැරතන් තරගයකට පළමු වරට සහභාගි වෙමින් එය ජය ගැනීමටද සමත්වීමයි.

පැය 2 විනාඩි 55 තත්පර 30කට එහි කාන්තා තරගය ජයගත් 33 හැවිරිදි වේලු ක්‍රිෂාන්තිනි ජාත්‍යන්තර මැරතන් තරග වලදී  අත්දැකීම් හෙබි ක්‍රිඩිකාවකි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුගේ මෙතෙක් හොඳම මැරතන් (පිරිමි) දස්කම  2015 ලන්ඩන් මැරතන් තරගයේදී වාර්තා කළේ පැය 2 විනාඩි 13 තප්පර 04කට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි. එය ඔහුට වසර 2016 පැවැති රියෝ  ඔලිම්පික් මැරතන් (පිරිමි) තරග නිර්දේශයටද ප්‍රමාණවත් විය.

හිරුණිකා විජේරත්න ශ්‍රී ලංකාවේ මෙතෙක් හොඳම මැරතන් (කාන්තා) තරග දක්ෂතාවය පළකර තිබෙන ක්‍රීඩිකාවයි. ඒ පැය 2 විනාඩි 34 තත්ත්පර 10ක කාලයක් වාර්තා කරමිනි.

ඩකා මැරතන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මැරතන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රවීනතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන සජිත් ජයලාල් මහතා කටයුතු කරයි. එහි කළමනාකරු ලෙස එන්.ඒ.ටී. ජයසිංහ මහතා නිර්දේශ වී තිබේ.

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා වන දිවංගත මුජිබර් රහුමන්  මහතාගේ 100 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මැරතන් තරගාවලිය සංවිධානය කර තිබේ.

 

මුජිබර් රහුමන් ජන්ම දින සැමරුම් මැරතන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම.

♦ පිරිමි:- මුත්තුසාමි සිවරාජන්, තිස්ස ගුණසේකර.
♦ කාන්තා:- වේලු  ක්‍රිසාන්තිනි, වත්සලා හේරත්. 


අදහස් (0)

ඩකා මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.