වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම පරදවා ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යසිත් අබේරත්න (72) සහ හෂේන් රාමනායක (50) අර්ධ ශතක ලබාගනිමින් ඩිමෝ ලංකා පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ඩිමෝ ලංකා - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 294
(යසිත් අබේරත්න 72, හෂේන් රාමනායක 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 49, තීක්ෂිල ද සිල්වා 40, පුලින තරංග නොදැවී 35, ඩිල්ශාන් මුණවීර 64/3, සුරාජ් රංදීව් 33/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 253
(ජෙහාන් මුබාරක් 58, අශාන් ප්‍රියංජන් 38, ඉමේෂ් උදයංග 34, දිල්හාන් කුරේ 29, ළහිරු මදුශංක 35, සුරාජ් රංදීව් 22, කවිශ්ක අංජුල 34/2, ප්‍රමෝද් හෙට්ටිවත්ත 42/2, සම්මු අශාන් 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.