Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිමෝ පිලට කඩුලු 6 ක ජයක්

ඩිමෝ පිලට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හේලීස් ගෲප් වෙනුවෙන් චානක රුවන්සිරි (73) අර්ධ ශතකයක් ලබාගත් අතර ඩිමෝ ලංකා කණ්ඩායම වෙනුවෙන් සම්මු අශාන් (නොදැවී 71) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිසල තාරක ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

හේලීස් ගෲප් - ඕවර 42 කදී සියලුදෙනා දැවී ලකුණු 177
(චානක රුවන්සිරි 73, හර්ෂ විතාන 25, නිසල තාරක 33/3, කවිශ්ක අංජුල 42/2)

ඩිමෝ ලංකා - ඕවර 42 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 181
(සම්මු අශාන් නොදැවී 71, ලසිත අබේරත්න 33, තික්ෂිල ද සිල්වා 31, රමේෂ් මෙන්ඩිස් නොදැවී 20)


අදහස් (0)

ඩිමෝ පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.