ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (31 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේදී කී‍්‍රඩක විනය නීතිරීති බිඳ දැමීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කර තිබේ.
විනිසුරුවරයාගේ තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන් තරග තීරක ඬේවිඞ් බූන් මහතා ඩිල්ෂාන්ට දඩ නියම කර තිබේ. පන්දුව ඩිල්ෂාන්ගේ අත් ආවරණයේ වැදී ගියද තමන්ගේ උරහිස පිරිමදිමින් ආපසු කී‍්‍රඩාගාරයට පියමං කිරීම හේතුවෙන් ඩිල්ෂාන්ට මෙම දඩය නියම කර ඇත.
සඳුදා රාති‍්‍රයේදී ඩිල්ෂාන් සිය වරද පිළිගත් අතර තමන්ට නියම කළ දඩයටද යටත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.