ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 20 වැනි තරගය ලෙස බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල සහ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර බැංගලෝර් හිදී අද (30 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායයට අනුව කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල කඩුලූ 4 ක් පමණක් දැවී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී බාර්බඩෝස් පිලේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 33 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් (නොදැවී 33) සහ එල්ටන් චිගම්බූරා (නොදැවී 18) එක්ව තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඉෂ් සෝධි ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වුවත්, තම කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නොදර්න් දිස්ති‍්‍රක් පිල ඕවර 19 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 135 ක් ලබාගත් අතර නොදර්න් දිස්ති‍්‍රක් පිලේ වැඩිම ලකුණු ලාභියා වු ආරම්භක පිතිකරු ඇන්ටන් ඩෙව්සිච් පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළේය.
නොදර්න් දිස්ති‍්‍රක් ඉනිමේ පළමු කඩුල්ල ලෙස කේන් විලියම්සන් එක් ලකුණකට දැවී යෑමත් සමග ඩැනියෙල් ෆ්ලයින් (21) සමග එක්වූ ඇන්ටන් ඩෙව්සිච් 2 වැනි කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 60 සම්බන්ධතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල වෙනුවෙන් රවී රාම්පාල් ලකුණු 34 කට කඩුලූ 3 ක් දවාගනිද්දී දක්ෂ පන්දු යැවීමක නිරතවූ දිල්ෂාන් මුණවීර ලකුණු 10 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නොදර්න් දිස්ති‍්‍රක් පිලට ආරාධනා කර සිටියේය. වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 19 කට සීමා විය.
නොදර්න් දිස්ති‍්‍රක් පිල - ඕවර 19 කදි කඩුලූ 8 ක් දැවී 135
(ඇන්ටන් ඩෙව්සිච් 47, ඩැනියෙල් ෆ්ලයින් 21, බෙන් වෙට්ලින් 29, ටිම් සවුති 19, රවී රම්පාල් 34/3, දිල්ෂාන් මුණවීර 10/2, රයඞ් එමි‍්‍රට් 26/2)
බාර්බඩෝස් ට‍්‍රයිඩන්ට්ස් පිල - ඕවර 18.4 කදි කඩුලූ 4 ක් දැවී 138
(ඩිල්ෂාන් මුණවීර 20, රේමන් රයිෆර් 15, ජොනතන් කාටර් 30, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 33, එල්ටන් චිගම්බූරා නොදැවී 18, ඉෂ් සෝධි 18/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.