Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෝකියෝ මැරතන් තරගය ලබන වසරට

ටෝකියෝ මැරතන් තරගය ලබන වසරට

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ජපානයේ ටෝකියෝ නුවර පවතින හදිසි තත්ත්වය හමුවේ මෙම වසරේ (2021) පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ මැරතන් තරගය කල් දැමීමටත්, ලබන වසරේ (2022) ටෝකියෝ මැරතන් තරගය අවලංගු කිරීමටත් සිදුව ඇතැයි එහි සංවිධායකයෝ කියති. 

මෙම වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ මැරතන් තරගය ලබන වසරේ මාර්තු මාස 6 වැනිදා දක්වා කල්දමා ඇතැයි එහි නිල වෙබ් අඩවියේ සඳහන් වේ. 

“තරගකරුවන්ගෙන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් පමණක් නොව, මෙම තරගය පැවැත්වෙන තුරු පුල පුලා බලා සිටි සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. ඔබ අප හැමගේම ආරක්ෂාව ගැන හිතලා කණගාටුවෙන් වුණත් අපිට මේ තීරණය ගන්න වෙනවා.” යැයි තරග අධ්‍යක්ෂ ටඩාකි හයානෝ මහතා පැවසීය. 

ටෝකියෝ මැරතන් තරගයට කොවිඞ්-19 වසංගතයේ බලපෑම එල්ල වූ දෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2019 වසරේ පැවැති මැරතන් තරගයද වසංගතයේ බලපෑම හමුවේ ඉතාමත් අඩු තරගකරුවන් පිරිසක් සහභාගි කරවාගනිමින් පැවැත්වීමට සිදුවිය. 

-036 


අදහස් (0)

ටෝකියෝ මැරතන් තරගය ලබන වසරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.