Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටීජේ ලංකා පිලට කඩුලු 7 ක ජයක්

ටීජේ ලංකා පිලට කඩුලු 7 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී එල්.බී. ෆිනෑන්ස් පිල පරදවා කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ටීජේ ලංකා පිල ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ටීජේ ලංකා පිල වෙනුවෙන් ඩිලාන් ජයලත් (නොදැවී 62) අර්ධ ශතකයක් ලබාගත් අතර උපුල් බණ්ඩාර සහ ජෙෆ්රී වැන්ඩර්සේ කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.

 

එල්.බී. ෆිනෑන්ස් - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(ළහිරු උදාර 68, උපුල් බණ්ඩාර 29/3, ජෙෆ්රී වැන්ඩර්සේ 33/3)


ටීජේ ලංකා - ඕවර 22.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 146
(ඩිලාන් ජයලත් නොදැවී 62, චරිත් අසලංක 44, ඇන්ජලෝ පෙරේරා 16/2)


අදහස් (0)

ටීජේ ලංකා පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.