Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලාන දෙපිලටම

ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලාන දෙපිලටම

editorial - 2024 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවති 105 වැනි ‘කඳුරට නිල් මහ සටන’ ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව මෙම තරගයේ  ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූ 1988 වසරේ ත්‍රිත්ව කණාඩායමේ නායක, සී. අයි. ප්‍රනාන්දු සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විශ්ලේෂක (කෘතිම බුද්ධිය) නිලධාරී, ආචාර්ය රොමේෂ් රණවන  විසින් පිරිනමන ලද ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය මහනුවර ත්‍රිත්ව විද්‍යාල කණ්ඩාමේ නායක මනුල කුලරත්න (වමේ) සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායමේ නායක තිසර ඒකනායක විසින් ලබා ගත් අවස්ථාව.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ගිහාන් සමරසේකර මහතා, ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති ගරු අරලිය ජයසුන්දර පියතුමෝ (වමේ) සහ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පති ගරු හෙන්රි බර්නාඩ් විජේරත්න පියතුමෝ (දකුණේ) මෙම අවස්ථාවට සහභාගි වූහ. 


අදහස් (0)

ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලාන දෙපිලටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.