Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් කීල්ස්ට ලකුණු 103 ක ජයක්

ජෝන් කීල්ස්ට ලකුණු 103 ක ජයක්

Nisanka Sandeepani - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම පරදවා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 103 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ (74) සහ ඉශාන් ජයරත්න (නොදැවී 60) අර්ධ ශතක රැස්කළ අතර ඉශාන් ජයරත්න සහ චාමිකර එදිරිසිංහ කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.

වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 45 කට සීමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ජෝන් කීල්ස් - ඕවර 45 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 259
(භානුක රාජපක්ෂ 74, ඉශාන් ජයරත්න නොදැවී 60, අක්ශූ ප්‍රනාන්දු 42, ළහිරු මිලන්ත 33, ප්‍රමෝද් මදුශාන් 56/3)

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී ලකුණු 158
(කසුන් විදුර 35, අලංකාර අසංක 23, ඉශාන් ජයරත්න 20/3, චාමිකර එදිරිසිංහ 22/3, මදුක ලියනපතිරණගේ 31/2)


අදහස් (0)

ජෝන් කීල්ස්ට ලකුණු 103 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.