Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් කීල්ස් පිලට කඩුලු 4 ක ජයක්

ජෝන් කීල්ස් පිලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී එල්.බී. ෆිනෑන්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන දිමුත් කරුණාරත්න (නොදැවී 77) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර විකුම් සංජය ලකුණු 25 කට කඩුලු 4 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එල්.බී. ෆිනෑන්ස් - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(ඉසුරු උදාන 43, චරිත් සුදාරක 32, විකුම් සංජය 25/4, භානුක රාජපක්ෂ 31/3)

ජෝන් කීල්ස් ‘ඒ’ - ඕවර 33.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 162
(දිමුත් කරුණාරත්න නොදැවී 77)

 


අදහස් (0)

ජෝන් කීල්ස් පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.