බණ්ඩාරගම ‘ශ්‍රී ලංකා කාටින් සර්කිට්’ ධාවන පථයේදී පැවැති ‘බී. ජී. ආර්. සී.’ කාටින් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ජේසන් කැරන් සමත් විය. එහි දෙවැනි ස්ථානය සයුරික ලිවිඳුටත්, තෙවැනි ස්ථානය දුලවින් මෙන්ඩිස්ටත් හිමි විය. ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධානතම තරගය ‘ඩී’ කාණ්ඩයෙන් පැවැත්විණ.
කාන්තා විවෘත කාණ්ඩයේ පහසු ජයක් ලැබීමට අශ්විතා වික්‍රම සමත් වූවාය. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් තිළිණි දිනුෂිකා විජේරත්න සහ මධුෂා හර්ෂණී විසින් දිනාගන්නා ලදහ.
මෙම ශූරතාවලියේදී කාණ්ඩ 7 ක් යටතේ තරගකරුවන් රැසක් තරග වැදුණ අතර වසරක කාලයක් පුරා පැවැති අදියර 4 කට පසුව එම තරගකරුවන් අතර සමස්ත ශූරතාවන් බෙදී ගියේය.
ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශ්‍යාමාල් මෙන්ඩිස් සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ ත් කාණ්ඩයේ ශූරතාව තමන් සතු කරගැනීමට රමේෂ් පෙරේරා සමත් විය.
ශූරතාවලියේ අධුනික අංශයේ තරග ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ 3 යටතේ පැවැති අතර එම කාණ්ඩ තුනෙහි ජය පිළිවෙළින් මෙවන් පෙරේරා, සංජය මලීන්ද්‍ර සහ රයන් ඩි බෘයින් සතු විය.
බණ්ඩාරගම ගෝ-කාටින් සමාජය සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඬේවිඞ් පීරිස් සමාගම කටයුතු කළේය.
ශූරතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ :
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.