Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජීවන් කුමාරණතුංග වොලිබෝල් තරගාවලිය අද-හෙට මොරටුවේදී

ජීවන් කුමාරණතුංග වොලිබෝල් තරගාවලිය අද-හෙට මොරටුවේදී

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජීවන් කුමාරණතුංග අභියෝග ශූරතා කොළඹ දිස්ති‍්‍රක් අන්තර් සමාජ වොලිබෝල් (පිරිමි) තරගාවලිය අද සහ හෙට (26-27) මොරටුව මහ විදුහල් පිටියේදී පැවැත්වේ. ඒ සඳහා කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ට අයත් කණ්ඩායම් 26ක් තරග වදිති.

කොළඹ දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපති තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරණතුංග මහතාගේ විමධ්‍යගත අරමුදලින් තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායමට ජීවන් කුමාරණතුංග අභියෝග ශූරතා කුසලාන ප‍්‍රදානය කෙරේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජීවන් කුමාරණතුංග මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතා යටතේ රටේ ජාතික කී‍්‍රඩාවේ ඉහළ පිබිදීමක් දක්නට ලැබෙන බැවින් කොළඹ දිස්ති‍්‍රක් තරගාවලිය සංවිධානය කිරීමට උනන්දුවූ බව පැවසීය.

කොළඹ දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ භාණ්ඩාගාරික මහින්ද සෙනරත් බණ්ඩාර මහතා එහිදී පැවසුවේ තරගාවලියෙන් පසු තෝරා ගන්නා දක්‍ෂතතම කී‍්‍රඩකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවය. එහිදී  තෝරා ගන්නා කී‍්‍රඩකයන්ට පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් ජීවන් කුමාරණතුංග පදනම මගින්  සලසන බවත් ඔහු පැවසීය.

මාධ්‍ය හමුවට  එක්වූ වොලිබෝල් සම්මේලනයේ සභාපති විදෙස් රැකියා  ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ දිස්ති‍්‍රක් සංගමයක් ලෙස වොලිබෝල් පුහුණු සංචිතයක් පවත්වාගෙන යාමට කොළඹ සංගමය දරණ උත්සහය අගය කළයුතු බවත්ය.

මෙම දින දෙකේදි වොලිබෝල් කී‍්‍රඩාව පිළිබඳව දැනුවත් කරන වැඩමුළුවක් මොරටුව මහ විදුහලේදී පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම් සුසිල් රණසිංහ එහි උප සභාපතිවරයකු වන ලලිත් පියුම් පෙරේරා, කැන්ඩි පැෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයකු වන අජිත් රත්නසේකර යන මහත්වරුද සහභාගී වූහ.

 


අදහස් (0)

ජීවන් කුමාරණතුංග වොලිබෝල් තරගාවලිය අද-හෙට මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.