Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ස්කොෂ් ශූරතාවලිය සෙනසුරාදා සිට

ජාතික ස්කොෂ් ශූරතාවලිය සෙනසුරාදා සිට

editorial - 2025 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කරන 45 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය මෙම මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා රත්මලාන, ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වේ. මෙය පී.එස්.ඒ. සැටලයිට් තරගාවලියක් ලෙස පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ශ්‍රේණිගත කිරීම් සදහා ලකුණු ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව හිමි වනු ඇත. 

විවෘත පිරිමි කේවල, විවෘත පිරිමි යුගල, විවෘත කාන්තා කේවල, විවෘත කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන ඉසව්වලට අමතරව මෙම තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සදහා වයස අවුරුදු 35 න් පහළ, 40 න් පහළ, 45 න් පහළ, 50 න් පහළ, 55 න් පහළ සහ 60 ඉහළ යන වයස් කාණ්ඩ යටතේද ඉසව් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. 

වත්මන් ජාතික ශූර රවිඳු ලක්සිරි පී.එස්.ඒ. තරගාවලි තුළ විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පී.එස්.ඒ. සැටලයිට් ශූරතා 11 ක් සහ පී.එස්.ඒ. ජාත්‍යන්තර ශූරතා 5 ක් දිනාගෙන ඉකුත් වසරේ (2024) පී.එස්.ඒ. ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ඇත. ඔහු මේ වන විට පිට පිටම 12 වරක් ස්කොෂ් ජාතික ශූරයා බවට පත්ව සිටියි. 

වත්මන් ජාතික ශූරිය වන චනිත්මා සිනාලි ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවල පැවැති පී.එස්.ඒ. තරගාවලිවලදී අවසන් පූර්ව වට දක්වා පැමිණෙමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත.ඇය මේ වන විට පිට පිටම දිනා ඇති ජාතික ශූරතා සංඛ්‍යාව 3 කි. 

රවිඳු සහ චනිත්මාද ඇතුළුව මෙරට ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙක් මෙවර ජාතික ශූරතාවලිය සඳහා සහභාගි වීමට සූදානමින් සිටිති. ඉන් ක්‍රීඩකයන් 64 දෙනෙක් විවෘත පිරිමි කේවල ඉසව්ව සඳහාත්, ක්‍රීඩිකාවන් 16 දෙනෙක් විවෘත කාන්තා කේවල ඉසව්ව සඳහාත් සහභාගී වීමට නියමිතය. 


අදහස් (0)

ජාතික ස්කොෂ් ශූරතාවලිය සෙනසුරාදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.