Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මහ ක්‍රීඩා උළෙලේ නම වෙනස්කරයි

ජාතික මහ ක්‍රීඩා උළෙලේ නම වෙනස්කරයි

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(නාමල් පතිරගේ)

රාජ්‍ය අනුග්‍රහයෙන් වසරේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ මෙතෙක් භාවිත කළ නිල නාමය වෙනස් කරමින් මින් ඉදිරියට එය ‘ජාතික මහ ක්‍රීඩා තරගමාලාව’ යනුවෙන් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අදහසක් අනුව මෙය ක්‍රියාවට නැගේ.

ඒ අනුව මෙතෙක් ඉංග්‍රීසියෙන් එය හැඳින් වූ ‘නැෂනල් ස්පෝට්ස් ෆෙස්ටිබල්‘ වෙනුවට ‘නැෂනල් ස්පෝට්ස් ගේම්ස්’ යනුවෙන් භාවිතයට ගැනෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

1972 දී එවකට ‘අන්තර් පළාත් ක්‍රීඩා උළෙල’ සහ නිල නාමයෙන් ආරම්භ කිරීමෙන් පසුව ‘ජාතික මහ ක්‍රීඩා උළෙල’ යනුවෙන් පසු කාලයේ දී එහි නිල නාමය හඳුන්වාදී තිබේ. 1972 දී ජාතික ක්‍රීඩා පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව මෙහි මංගල ක්‍රීඩා උළෙල එවකට ක්‍රීඩා අමාත්‍යධුරය දැරූ දිවංගත කේ.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් පවත්වා තිබේ.

එතැන් සිට ක්‍රීඩා උළෙල අඛණ්ඩව පවත්වාගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යාංශය සමත්ව තිබෙන නමුත් රටතුළ කලබලකාරි තත්ත්වයන් උද්ගත වූ 1983 හා 1987 යන වසර වලදී ද ක්‍රීඩා උළෙල පවත්වා නොමැත.

උළෙල (පෙස්ටිවල්) යන නාමය ඉවත් කිරීම ගැන ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ක්‍රීඩා උළෙලට අදාළ නොවන විශේෂාංග ඉවත් කිරීමත් සමග එහි නිල නාමය වෙනස් කිරීමෙන් ගැටලුවක් පැන නොනගින බවයි.   කෙසේ වුවත් පසුගිය  වසර දෙකක කාලය තුළදිත්  (2020-21) ක්‍රීඩා උළෙල මුළුමනින්ම පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සමත් නොවීය.


අදහස් (1)

ජාතික මහ ක්‍රීඩා උළෙලේ නම වෙනස්කරයි
  • Nimal Tuesday, 11 October 2022 04:58 PM

    ඉතාම කාලෝචිත සුපිරි වැඩක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.