Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉතිරි තරග හෙට

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉතිරි තරග හෙට

editorial - 2022 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශත සංවත්සර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියර හෙට (23) පෙරවරු 7.30ට දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී ආරම්භ වේ. ඒ මීටර් 1500 (පිරිමි) ඉසව්වෙනි.

පසුගිය අප්‍රේල් 10 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වෙමින් තිබිය දී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එය අතරමග අත්හිටුවීමට සිදුවිය. ඒ  අනුව එදින පැවැත්වීමට ඉතිරිව තිබූ තරග ඉසව් 12ක මූලික වට හා අවසන් තරග හෙට දිනයේ දී පවත්වා අවසන් කෙරේ.

මීටර 100 (කාන්තා සහ පිරිමි) මිටර 400 (කාන්තා සහ පිරිමි) හෙල්ල විසි කිරීම (කාන්තා සහ පිරිමි) යගුලිය විසි කිරීම (කාන්තා) හා මිටර 1500 (පිරිමි) යන ඉසව් පැවැත්වීමට ඉතිරිව තිබේ. මෙම සියලු ඉසව් හෙට පෙරවරු 11.30වන විට පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

ලබන ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා තේරීම් තරගාවලියක් ලෙසත් ශත සංවත්සර ජාතික ශූරතා තරගාවලිය යොදා ගැනේ. කෙසේ වුවත් ඒ සඳහා සහභාගි කරවන්නේ ඉතා සීමිත  ක්‍රීඩක ක්‍රීඩිකාව  පිරිසක් පමණක් බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අ වධාරණය කරයි.

මලල ක්‍රීඩා ආයතනය මෙම වසරේ වැඩිම අවධානය යොමුකර ඇත්තේ සැප්තැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහිය. ඒ සඳහා මෙවර ජාතික ශූරතාවලිය ද පාදක කර ගනිමින් අවම වශයෙන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායමක් සහභාගි කරවීමට අපේක්ෂාවෙන් පසුවේ.

මෙවර ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ 100 වැනි ජාතික තරගාවලියයි.  අප්‍රේල් 9-10 දෙදින පැවැති ඉසව්වල දී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් රිටි පැනීම (කාන්තා), මීටර 3000 බාධක (කාන්තා) හා මීටර 800 (කාන්තා) යන ඉසව් වෙතින් වාර්තා විය. දුර පැනීම (කාන්තා) ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිවිය.


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉතිරි තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.