Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික බේස්බෝල් තරගාවලියට කණ්ඩායම් 19 ක්

ජාතික බේස්බෝල් තරගාවලියට කණ්ඩායම් 19 ක්

editorial - 2024 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන ජාතික බේස්බෝල් තරගාවලිය අනිද්දා (6 වැනිදා) සිට මෙම මස 21 වැනිදා දක්වා සති අන්ත දිනවල සහ රජයේ නිවාඩු දිනවල දියගම, ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලිය තරග 18 කින් සමන්විතවන අතර ඒ සඳහා ක්‍රීඩා සමාජ 19 ක් සහභාගි වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කණ්ඩායම ඊට ඇතුළත්ව සිටින්නේ පළමු වරටය. 

එම කණ්ඩායම් දෙකට අමතරව ත්‍රිවිධ හමුදා කණ්ඩායම්, විශ්ව විද්‍යාල කණ්ඩායම් 3 ක් සහ විදුහල් ආදි ශිෂ්‍ය කණ්ඩායම් 5 ක් සහ තවත් ක්‍රීඩා සමාජ 6 ක් මෙවර තරගාවලියේදී තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. 

අනිද්දා සහ 7 වැනිදා මූලික වටයේ තරග 3 ක් සහ දෙවැනි වටයේ තරග 3 ක් පැවැත්වෙන අතර යම් හෙයකින් එම තරග 6 න් එකක් හෝ පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා අතිරේක දිනයක් ලෙස 12 වැනිදා වෙන්කර තිබේ. 

ඉන් අනතුරුව 13 සහ 14 යන දිනවලදී දෙවැනි වටයේ තවත් තරග 5 ක් සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් පැවැත්වෙන අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරග 3 මෙම මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරග 6 සඳහා වෙන්කර ඇති අතිරේක දිනය වන්නේ 18 වැනිදාය. 

තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක මෙම මස 20 වැනිදා පෙරවරු 8.30 ට සහ පස්වරු 1.00 ට ආරම්භ වන අතර එම තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර අවසන් මහ තරගය 21 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් සඳහා කුසලාන සහ පදක්කම් පිරිනැමෙන අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා, හොඳම පන්දු යොමු කරන්නා, හොඳම පිතිකරුවා සහ හොඳම පන්දු රකින්නා සඳහාද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 


අදහස් (0)

ජාතික බේස්බෝල් තරගාවලියට කණ්ඩායම් 19 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.