ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානට අයත් වොලිබෝල් (කාන්තා / පිරිමි), දැල්පන්දු (කාන්තා) සහ කබඩි (පිරිමි) ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම් ආරම්භ කර තිබේ. ඒ සඳහා පළාත් මට්ටමේ තෝරාගැනීම් පසුගියදා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වයස අවුරුදු 16 ත් 20 ත් අතර තරුණ තරුණියන්ට ඒ සඳහා අයඳුම් කිරීමේ අවස්ථාව තිබිණ.
දිස්ත්‍රික් මට්ටමින් තේරී පත්වුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ජාතික මට්ටමේ තෝරා ගැනීම අද (මාර්තු 03 වැනිදා) මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ දි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
වසර 3 ක නේවාසික පුහුණු කාලයක් සඳහා සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන මෙම ක්‍රිඩා පාසලට බඳවා ගනු ලබන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ තරඟ වලට සහභාගීවීමටද අවස්ථාව ද උදාවනු ඇත.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.