Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා සභාවට 15 දෙනෙක්

ජාතික ක්‍රීඩා සභාවට 15 දෙනෙක්

editorial - 2022 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව නිලධාරි මණ්ඩලයට  සාමාජිකයන් 15 දෙනකු ඇතුළත් කර තිබේ. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිවුණු  නව නිලධාරි මණ්ඩලයට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (10) ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරුණි.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කටයුතු කළ ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරි මණ්ඩලයේ  සාමාජික මේජර් ජනරාල් රාජිත  අම්පෙමොහොට්ටි මහතා නව නිලධාරි මණ්ඩලයටද තේරී සිටියි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා  නිල බලයෙන් ඊට පත්ව සිටින සාමාජිකයෙකි.

ජාතික ක්‍රීඩා සභාවේ නව මුහුණු අතර හිටපු සුපිරි කඩුලු පැනීමේ ශූරිය වන ශ්‍රියානි කුලවංශ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු වන සුනිල් ජයවීර යන මහත්ම මහත්මීන් හැරෙන්නට ත්‍රිවිධ හමුදාපතිවරයෝ ද වෙති.

 

ජාතික ක්‍රීඩා සභාවට පත්වූ නිල නිලධාරී මණ්ඩලය.
සභාපති:- අර්ජුන රණතුංග මහතා
ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය
සාමාජිකයෝ: යුද  හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාෂල්  සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, අමල් එදිරිසූරිය, මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි, වෛද්‍ය මයියා ගුණසේකර, ශ්‍රියානි කුලවංශ,  නීතිඥ අජිත් පතිරණ, සුනිල් ජයවීර, ක්‍රිෂාන්ත මෙන්ඩිස්, ලසිත ගුණරත්න, නලින්ද ඉලංගකෝන් සහ සුදත් චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීහු

- 223


අදහස් (0)

ජාතික ක්‍රීඩා සභාවට 15 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.