Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ලබන ජූනි 13 - 14 - 15 යන දිනවලදී පැවැත්වෙන ජාතික (කණිෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක් පමණ සහභාගි වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
එහි වැදගත්කම වන්නේ ලබන ඔක්තෝබර් මාසයේදී බහරේන් රාජ්‍යයේදී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කෙරෙන තේරීම් තරගාවලියක් ලෙස එය යොදා ගැනීමයි. මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ වසර 12 කට පසුවය.
2017 ට යෙදුණු ක්‍රීඩා උළෙල සත්කාරකත්වය ඉවත් කර ගැනීමෙන්ද හා 2021 ට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කොවිඩ් වසංගතය හේතුවෙන්ද අවලංගු කර තිබේ.
2017 ක්‍රීඩා උළෙලේ පළමුවෙන් සත්කාරකත්වය නිල වශයෙන් ප්‍රදානය කළේ හම්බන්තොට නගරය ඒ සදහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවටය.පසුව එය ඉන්දුනීසියාවේ ජකර්තා නගරයට ප්‍රදානය කළත් ආසියානු ඔලිම්පික් සභාව පසුව එම වසරට නියමිත ක්‍රීඩා උළෙල අවලංගු කර දැමීය.
ජූනි 13 වැනිදා ආරම්භ වන ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් තරග ඇයැදුම්පත් බාර ගැනීම ජූනි 4 වැනිදා අවසන් කෙරේ. වයස 16 න් පහළ,18 න් පහළ, 20 න් පහළ හා 23 න් පහළ පරිදි වයස් කාන්ඩ හතරකින් කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ සදහා ශ්‍රී ලංකාවෙන් උපරිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැළසුම් කර තිබේ.
බහරේන් රාජ්‍යයේ මනාමා නුවරදී ඔක්තෝබර් 22 සිට 31 වැනිදා දක්වා තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල රටවල් 45 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මේ දක්වා පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතක් හිමි කර ගෙන තිබේ.
අවසන් වරට චීනයේ නැංජින් නුවරදී 2013 වසරේදී පැවැති දෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් පහක් හිමි කර ගෙන තිබේ. එහිදී මලල ක්‍රීඩාවෙන් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.