ජාතික ක්‍රීඩා සංගම් 9 කට අදාළ නව තේරීම් කමිටු සමාජිකයින්ට පත්වීම් ලිපි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා ප්‍රදානය කරන ලදි. ක්‍රිකට්, බැඞ්මින්ටන්, හොකී, වොලිබෝල්, රුවල් ඔරු, කැනෝයින් සහ කායකින්, මළල ක්‍රීඩා, ජුඩෝ, පැසිපන්දු යන ක්‍රීඩාවන්හී ජාතික තේරීම් කමිටු සාමාජිකයින් වෙත මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අවස්ථාවේදී තේරීම් කමිටු සාමාජිකයන් ඇමතූ ක්‍රීඩා ඇමතිවරයා සියලුම ජාතික කණ්ඩායම්වල තේරීම් කමිටු සාමාජිකයින් ප්‍රාදේශීය හා පළාත් වශයෙන් පැවැත්වෙන තරග නැරඹීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතු යයිද ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායම්වලට ඇතුළත් කරගැනීමේ පළමු පියවර වන්නේ එය යයිද පැවසීය.
“ක්‍රිකට් හැර අනෙක් ක්‍රීඩාවන්හී ජාතික තේරීම් කමිටු සාමාජිකයින් ඒ ඒ ජාතික ක්‍රීඩා උළෙලේ තරග නැරඹීම අනිවාර්ය කළ යුතුයි. ජාතික කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තේරීමට මෙය හොද මූලික පියවරක් වනවා” යයිද ඇමතිවරයා පැවසීය.
2018 ජනවාරි 01 දා සිට ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම අනිවාර්යයි. ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ජෛව යාන්ත්‍රණ පහසුකම් වැඩිදියුණුකර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා සියලු පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය.
පත්වීම් ලද තේරීම් කමිටු සාමාජිකයෝ
ක්‍රිකට් තේරීම් කමිටුව
ග්‍රැහැම් ලැබ්රෝයි මහතා (සභාපති)
ගාමිණි වික්‍රමසිංහ, ජෙරී වවුටර්ස්, අසංක ගුරුසිංහ සහ සජිත් ප්‍රනාන්දු යන මහත්වරු
මලල ක්‍රීඩා තේරීම් කමිටුව
ආර්.ඒ. විමලසේන පෙරේරා මහතා (සභාපති)
ඩී.ඒ. දයාරත්න, එන්.ජී. විමලදාස, සී.ඒ. සුමිත් දල්පතාදු සහ මනෝජ් මල්ලවාරච්චි යන මහත්වරු
බැඞ්මින්ටන් තේරීම් කමිටුව
එම්.වයි.සී. පෙරේරා මහතා (සභාපති)
නිහාල් අමරසේන සහ රංජනී සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු
හොකී තේරීම් කමිටුව
දර්ශන සම්පත් විජේසිංහ මහතා (සභාපති)
බී.ජී.ආර්. ප්‍රනාන්දු, කේ.බී.ජේ.ඩී. බාලසූරිය, ඉවෝන් නිලක්ෂ්මි ඩාලින් සහ සමන් ජයලත් වැන්ඩලන් යන මහත්ම මහත්මීහු
වොලිබෝල් තේරීම් කමිටුව
සරත් විජේතුංග මහතා (සභාපති)
එන්.ඩී.ගුණසේන, ඊ.එම්.එල්.සී. ඒකනායක, එම්.ඒ. රංජිත් ප්‍රේමරත්න සහ සී.ඩබ්.මහින්දරත්න යන මහත්වරු
රුවල්ඔරු තේරීම් කමිටුව
රියර් අද්මිරාල් දමයන්ත ධර්මසිරිවර්ධන මහතා (සභාපති)
අසිත තෙන්නකෝන් සහ ප්‍රසන්න ලේනදූව යන මහත්වරු
කැනෝයින් සහ කායකින් තේරීම් කමිටුව
දනුන තිලකරත්න මහතා (සභාපති)
ටී.එම්.නලීන් සංජීව පීරිස් සහ ඩබ්.සී. විජේසිරි යන මහත්වරු
ජූඩෝ තේරීම් කමිටුව
සම්පත් පී. වීරසිංහ මහතා (සභාපති)
සීතා විජේවර්ධන, වී.කේ.ජී.සී.රාමනායක, එච්.එම්.එච්.කුමාරි හේරත්, ඩබ්.ඩබ්.ඩී.පී. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු
පැසිපන්දු තේරීම් කමිටුව
රොඞ්නි ඔකෙස් මහතා (සභාපති)
එම්.එන්. මොහිදීන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්.සී. ද සිල්වා, දුමින්ද ද සිල්වා, සුනෙත් ප්‍රනාන්දු යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.