ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 36 වැනි ජාතික ස්කොෂ් තරගාවලිය මෙම 17 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි අධුනික සහ කාන්තා ආධුනික යන කාණ්ඩ හතර යටතේත් වයස 35 න් ඉහළ පිරිමි, ජ්‍යෙෂ්ඨ පිරිමි වයස 45 න් ඉහළ, ප්‍රවීණ පිරිමි වයස 50 න් ඉහළ සහ ප්‍රවීණ පිරිමි වයස 55 න් ඉහළ යන අනු කාණ්ඩ හතර යටතේත් තරග පැවැත් වීමට නියමිතය.
යාර්ඞ්ලි ලන්ඩන් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙති. යාර්ඞ්ලි ලන්ඩන් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ කළමණාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ පිරිමි කේවල සහ කාන්තා කේවල අවසන් මහ තරග 20 වැනිදා පස්වරු 5.00 සිට පැවැත්වෙන අතර ඉන් ජයගන්නා ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට කුසලාන සහ සහතිකපත් සමගින් වටිනා මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
ඉකුත් වසරේ පැවැති ජාතික ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රවිඳු ලක්සිරි සමත් වූ අතර කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නඳුනි ගුණවර්ධන සමත් වූවාය.
තරගාවලියේ කුසපත් ඇදීම මෙම 11 වැනිදා පස්වරු 5.00 ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.