ඉදිරි වසර හතරක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය දෙසැම්බර් මස 27 වැනිදා පස්වරු 5.30 ට එහි ශ‍්‍රවණාගාරයෙහි පැවැත්වීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.
මෙම නිලවරණයේදී සභාපති, ප‍්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහාත් උප සභාපති ධුර 6 ක් හා නියෝජ්‍ය ලේකම් ධුර 2 ක් සඳහාත් නිලධාරීන් අලූතින් පත්කර ගැනීමට නියමිතය. ඒ සඳහා නොවැම්බර් 14 වැනිදා පස්වරු 4.30 දක්වා නාමයෝජනා බාරගැනෙන බව ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඊයේ (30) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මීලග නිලවරණයේදී තමන් සභාපති ධුරයට නාමයෝජනා බාරනොදෙන බව ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය.
විදේශ රැකියා සහ ප‍්‍රවර්ධන හා සුබසාධන කටයුතු ඇමති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා මීලඟ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට නාමයෝජනා බාරදෙන බව දැනටමත් ප‍්‍රකාශ කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී මෙරට ජාතික කී‍්‍රඩා සංගම් 24 කට ඡන්ද බලය හිමිව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.