ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම්පත් 11 ක් ලැබී ඇතැයි වාර්තා වේ. මෙම තනතුර සඳහා විදේශිකයන් 8 දෙනකු සහ ශී‍්‍ර ලාංකිකයන් තිදෙනකුද අයැදුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (8 වැනිදා) නිවේදනය කළේය.
අයැදුම්පත් බාරගැනීම අවසන් වී ඇතත් ඒ සඳහා උනන්දු වන තවත් කිහිප දෙනකු ඇතැයිද කාලය මඳ වීම නිසා අයැදුම්පත් එවිය නොහැකි වූ අයටත් අවස්ථාවක් දීමේ ඉඩකඩ පිළිබඳව සලකා බැලීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමටුව අදහස් කර ඇති බවද දැනගන්නට ඇත.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් සහාය පුහුණුකරු මාවන් අතපත්තු මහතා මෙන්ම ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා වන රොමේෂ් කළුවිතාරණ මහතාද අයැදුම් කර ඇතැයි දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ අයැදුම් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත යමක් කීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු අකමැති වූහ.
මෙම අයැදුම්පත් තක්සේරු කිරීම සඳහා රංජිත් ප‍්‍රනාන්දු මහතාගේ සහාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ. එහෙත් අයැදුම්පත් විවෘත කිරීමට පෙර ඒ සඳහා උනන්දු වන සෙසු අයැදුම්කරුවන්ටත් අවස්ථාවක් දීමේ හැකියාවක් ඇත්ද යන්න විමසා බැලීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව උපදෙස් දී තිබේ.
මෙම විශේෂ තක්සේරු කමිටුවට මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග, නුස්කි මොහොමඞ්, සනත් ජයසූරිය, ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න යන මහත්වරු ඇතුළත් වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.