දෙවැනි ඉනිමේදී මුදුකටුව ‘පාතීමා’ පිල කිසිදු ලකුණක් නොදී දවා ගත් ජොසීටාවත්ත රශ්මි කණ්ඩායම වසර හතරකට පසුව ජාතික එල්ලේ හතරගාවලිය ජය ගනිමින් මුදලින් රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදලක් ත්‍යාගයක් ලෙස හිමිකර ගත්තේය.
සුගතදාස පිටියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මෙවරත් දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති ජාතික එල්ලේ ශූරතාවලියේ අවසන් මහ තරගයේදී පරාජය වූ මුදුකටුව පාතිමා කණ්ඩායමට අනුශූරතාව සමග රුපියල් ලක්‍ෂයක්ද තෙවැනි ස්ථානය හිමිකරගත් තොටළඟ ‘අරුණ’ පිලට රුපියල් 50,000ක්ද ප‍්‍රදානය කෙරුණි.
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධානය කළ ජාතික එල්ලේ ශූරතාවලියේ මෙවර විශේෂත්වය වුයේ එය අරඹා වසර 50 ක් සපිරීම නිමිත්තෙන් එය පැවැත්වීමය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාතිමා පිල මුල් ඉනිමේදි ලකුණු අටක් රැස් කළේය. ඊට පිළිතුරු දුන් රශ්මි කී‍්‍රඩකයන්ට රැස්කළ හැකිවූයේ ලකුණු හතක් පමණි.
එහෙත් පාතිමා කණ්ඩායමට සිය දෙවැනි ඉනිම අනපේක්‍ෂිත ලෙස ලකුණු නොලබා අවසන් කිරීම නිසා රශ්මි කී‍්‍රඩකයන්ට පහසු ජයග‍්‍රාහි ඉලක්කයක් යොමුවිය.
ඒ අනුව ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු දෙක පිතිකරුවන් දෙදෙනකු පමණක් දැවී ලබා ගැනීමට රශ්මි පිල සමත්විය.
අවසන් මහ තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස සුදත් ධම්මික පෙරේරා මහතා කටයුතු කළේය. නන්දන පින්තපොල හා පි‍්‍රයන්ත කලූආරච්චි යන මහත්වරු පැති විනිසුරුවන් ලෙසත් ධර්මදාස මිගොඩ මහතා තරගයේ තීරකවරයා ලෙසත් කටයුතු කළහ.
ජාතික එල්ලේ ශූරතාවලිය විශේෂ සම්මාන ලාභියෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.