Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කනිෂ්ඨ බොක්සිං තරග 20 දා සිට

ජාතික කනිෂ්ඨ බොක්සිං තරග 20 දා සිට

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ (පාසල්) බොක්සිං තරගාවලිය මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායමට රිදී ආලේපිත පෙල්ප්ස් අනුස්මරණ කුසලාන හිමිවේ.

අවුරුදු 18 සහ 19 වයස් කාණ්ඩ වල පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකි අතර තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ලබන වසරේදී පැවැත්වෙන ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන, ස්ටබ්ස් පළිහ සහ ජාතික ශූරතාවලිය වැනි තරගාවලි වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.

පාසලකට හෝ කී‍්‍රඩා සමාජයකට බර පංතියක් සඳහා සහභාගී කරවිය හැකි උපරිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 8 කි.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාවට මෙන්ම දක්ෂතම පරාජිත කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාවට කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර ජයග‍්‍රාහකයන්, අනුශූරයන් සහ තෙවැනි ස්ථාන දිනාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන්ද සහතික පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

ඉකුත් වසරේ පැවැති ජාතික කනිෂ්ඨ (පාසල්) බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර ධර්මරාජ විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව දිනාගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සමත් විය.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තා ලෙස අන්තර් ජාතික බොක්සිං සංගමයේ තරග විනිසුරු ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ ලේකම් රුක්මන් වෑකඩපොල මහතා සහභාගී වීමට නියමිතය.


අදහස් (0)

ජාතික කනිෂ්ඨ බොක්සිං තරග 20 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.