Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ආධුනික අයෝමය ශූරයා ෆයිසර්

ජාතික ආධුනික අයෝමය ශූරයා ෆයිසර්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගකරුවන් 182 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවති ජාතික ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ ජය ඒ. ආර්. එම්. ෆයිසර්ට හිමිවිය. දෙහිවල ”එස්. ද එස්. ජයසිංහ” ශාලාවේ පැවති ජාතික ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී පළමු වතාවට ජයග‍්‍රාහී තරගකරුවන්ට මුදලින් තෑගි ප‍්‍රදානය කළබව ශ්‍රී ලංකා ශාරීරික යෝග්‍යතා හා කයවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතා පවසයි.

බර පන්ති හතකින් පැවති තරගාවලිය ජයගත් ෆයිසර් ”අභිෂේක් ” ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථානයේ කී‍්‍රඩකයෙකි. බර පන්ති ජයග‍්‍රහකයින් අතර අවසන් වටයේ තරගය පැවති අතර එහිදී දෙවැනි ස්ථානය එම්. ඒ. නෞෂාඞ්ටද තෙවැනි ස්ථානය සුමින්ද චාමරටද හිමිවිය.

මෙම තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහාද රුපියල් 7500 ක් හා 5000 ක් බැගින් මුදලින් තෑගි පිරිනැමුණි.

කිලෝග‍්‍රෑම් 70 වැඩි කනිෂ්ඨ බර පන්තියේ ජයග‍්‍රහණය ආර්. ආර්. ජෝශප්ටත්, දෙවැනි ස්ථානය එම්. ඉම්රාන්ටත්, තෙවැනි ස්ථානය කේ. ඒ. එල්. කුරුප්පුටත් හිමිවිය.

කණිෂ්ඨ අංශයේ  කිලෝ ග‍්‍රෑම් 70 ට වැඩි බර පන්තියේ රන් පදක්කම දිනාගත්තේ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයට පත් එම්. ඒ. නෞෂාඞ් විසිනි. ආර්. එම්. ඒ. ලක්ෂිත හා ජේ. ඒ. එස්. ජයසූරිය එහි දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජාතික ආධුනික අයෝමය ශූරයා ඒ. ආර්. එම්. ෆයිසර් (මැද), දෙවැනි ස්ථානයට පත් එම්. ඒ. නෞෂාඞ් (වමේ) සහ තෙවැනි ස්ථානයට පත් සුමින්ද චාමර (දකුණේ) ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කපිල කුමාර, එහි ලේකම් ශම්මි ජයවර්ධන, භාණ්ඩාගාරික ඉන්දික ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිතයන් සමග....


අදහස් (0)

ජාතික ආධුනික අයෝමය ශූරයා ෆයිසර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.