Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජල කී‍්‍රඩා තරග 27 දා බෙන්තොට වෙරළේදී

ජල කී‍්‍රඩා තරග 27 දා බෙන්තොට වෙරළේදී

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙන්තොට ආර්. ඉවෙන්ට් ආයතනය සහ නිහාල් තිසේරා මහතා එක්ව සංවිධානය කරන ජල කී‍්‍රඩා තරගාවලිය මේ මස 27 වැනිදා බෙන්තොට වෙරළේදී පැවැත්වේ. කැනෝ සහ ජෙට් ස්කයි ලෙස තරග දෙකකින් තරගාවලිය සමන්විත වේ.

තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය තරගකරුවන්ට 077 4482751 යන දුරකථන අංකය ඔස්සේ ආර්. ඉවෙන්ට් ආයතනය ඇමතීමෙන් හෝ 077 6195126 යන දුරකථන අංකය ඔස්සේ නිහල් තිසේරා මහතා ඇමතීමෙන් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැකිය.

ශූරතාව සඳහා රුපියල් 50,000 ක මුදලක් සමගින් ගුවන් ටිකට් පතක් පිරිනැමෙන අතර අනුශූරතාව සඳහා රුපියල් 30,000 ක මුදලක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 20,000 ක මුදලක්ද පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගී වීමට නියමිතය.

-036


අදහස් (0)

ජල කී‍්‍රඩා තරග 27 දා බෙන්තොට වෙරළේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.