(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට (11 වැනිදා) සිට අප්‍රේල් මස 4 වැනිදා දක්වා සෑම සති අන්තයකදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී, හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය ආරම්භ වනු ඇත.
තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආනන්ද විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත්, කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව මහනුවර ත්‍රිත්ව විදුහල සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදීත් හෙට තරග බිමට පිවිසෙනු ඇත.
කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව කොළඹ මහානාම විදුහල සිකුරාදා (13 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී තරග වදින අතර සෙනසුරාදා (14 වැනිදා) තවත් තරග 3 ක්ද, ඉරිදා තරග 2 ක්ද පැවැත්වීමට නියමිතය. මින් තරග 6 ක් පස්වරු 4.15 ත්, සෙසු තරග 2 පස්වරු 7.15 ටත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
එම තරගවලින් ජය ලබන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අර්ධ අවසන් පූර්ව තරග මෙම මස 21 සහ 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක 28 සහ 29 යන දිනවලදීද, අවසන් මහ තරගය 4 වැනිදාද පැවැත්වෙනු ඇත. ඩයලොග් ආසියාටා සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන
මාර්තු 11 - කොළඹ ආනන්ද විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී - ප.ව. 4.15 ට
මාර්තු 11 - කොළඹ තර්ස්ටන් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී - ප.ව. 4.15 ට
මාර්තු 13 - කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී - ප.ව. 4.15 ට
මාර්තු 14 - කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී - ප.ව. 4.15 ට
මාර්තු 14 - මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - ප.ව. 4.15 ට
මාර්තු 14 - කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මරදාන සහිරා විදුහල අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී - ප.ව. 7.15 ට
මාර්තු 15 - කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී - ප.ව. 7.15 ට
මාර්තු 15 - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - ප.ව. 4.15 ට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.