තිස්සමහාරාමයේදී පසුගියදා පැවැති 2014 කාල්ටන් කී‍්‍රඩා උළෙලේ කඹ ඇදීමේ තරගාවලියේදී අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද ජනාධිපති ආරක්‍ෂක අංශය කණ්ඩායම පක්‍ෂපති විනිසුරු තීරණ වලට විරෝධය දක්වමින් තරගාවලියෙන් ඉවත් විය.
මෙම තරගාවලිය පුරාම ජනාධිපති ආරක්‍ෂක අංශය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ජාතික කඹ ඇදීමේ සංගමය ලබාදුන් විනිසුරු තීරණ මතභේදයට ලක්විය. එහිදී ජනාධිපති ආරක්‍ෂක අංශ කණ්ඩායමේ පුහුණුකරු අවස්ථා කිහිපයකදීම විනිසුරුවන්ගෙන් අදාළ තීරණ පිළිබඳව ප‍්‍රශ්න කර තිබේ.
කුසපත් ඇදීමේ ක‍්‍රමයට අනුව පළමු අවසන් පූර්ව තරගය යුද හමුදා ‘ඒ’ කණ්ඩායම හා යුද හමුදා ‘බී’ කණ්ඩායම් අතරත් දෙවැනි අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජනාධිපති ආරක්‍ෂක අංශ කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිතව තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.