Last Update  :  2026-02-16 18:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනනිගෙන් රන් පදක්කම් දෙකක්

ජනනිගෙන් රන් පදක්කම් දෙකක්

editorial - 2026 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ඩුබායි නුවරදී නිමාවට පත්වූ 17 වැනි ෆාසා ජාත්‍යන්තර ග්‍රෝන් - ෆ්‍රී මලල ක්‍රීඩා පැරා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ජනනී ධනංජනා වික්‍රමසිංහ මීටර 100 හා දුර පැනීම යන කාන්තා ඉසව් දෙකකින් රන් පදක්කම් දිනා ගැනිමට සමත් වූවාය.

ටී - 46/47 හෙවත් එක් අතක් වැළමිටෙන් පහළ අප්‍රාණික (කාන්තා) කාණ්ඩය යටතේ ඇය එහිදී තරග වැදුණි.මීටර 100 ඉසව්ව තත්පර 12.88 කට නිමා කරමින්ද දුර පැනීම ඉසව්වෙන් මීටර 5.25 ක දක්ෂතාවක් දක්වමින්ද ජනනි එම රන් පදක්කම් දිනා ගත්තාය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමන් සුබසිංහ රිදී පදක්කම් දෙකක්ද හා බුද්ධික හේෂාන් ප්‍රනාන්දු එක් රිදී පදක්කමක්ද හිමි කර ගත්තේය ටී - 47 හෙවත් එක් අතක් වැළමිටෙන් පහළ අප්‍රාණික කාණ්ඩය (පිරිමි) මීටර 400 ඉසව්ව තත්පර 50.86 කටද හා මීටර 100 ඉසව්ව තත්පර11.29 කටද නිමා කරමින් එම රිදී පදක්කම් දෙක ඔහු විසින් හිමි කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවට හිමි වූ සෙසු රිදී පදක්කම ටී - 46/47 (පිරිමි) කාණ්ඩයෙන් තරග වැදුණු බුද්ධික හේෂාන් ප්‍රනාන්දු දුර පැනීම ඉසව්වෙන් හිමි කර ගත්තේ මීටර 6.49 ක දක්ෂතාවක් පළ කරමිනි.බුද්ධික හේෂාන් එම කාණ්ඩයේ මීටර 100 ඉසව්වට තරග වැදීමේදී තත්පර 11.93 කට හත් වැනි ස්ථානයට පත් විය.

ඩුබායි නුවරදී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා පළ කළ දක්ෂතාවන් හමුවේ ලබන ඔක්තෝබර් 18 සිට 28 වැනිදා දක්වා ජපානයේ නගෝයා නුවරදී පැවැත්වෙන පස් වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ඔවුන් නිර්දේශ ලබා සිටියි.

ජාතික පැරලිම්පික් කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා පැවැසුවේ නගෝවා ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබා ගැනීම සදහා මෙරට පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී තවත් ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගි කිරීමට සිය කමිටුව උනන්දුවී සිටින බවයි.

ඩුබායි ග්‍රෝන් - ෆ්‍රී මලල ක්‍රීඩා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු හා පුහුණුකරු ලෙස ලෙස රෝහිත ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.


අදහස් (0)

ජනනිගෙන් රන් පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.